කඳාන ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමකදී තුවාල ලබා ඇති දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම මරණය වූයේ උපාලි කුලවර්ධන නම් පුද්ගලයා ය.

තුවාල ලැබූ දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, උපාලි කුලවර්ධන මියගොස් ඇති බව වාර්තා වේ.


යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථය ඉල්ලක් කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සමීර මනහර නැමැත්තා ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ගමන් ගත් කාන්තාවකට ද වෙඩි වැදී තිබෙනවා. වෙඩි වැදීමෙන් ඇතිවූ සුළු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ."